Friday, April 19, 2024

General line - 0115112241

උතුරු කොරියානු නායකයාගේ සහෝදරයෙක් මැලේසියාවේදී මරා දමලා - කොරියානු අර්ධද්විපය කැළඹෙයි




උතුරු කොරියානු නායක කිම් ජෝන්ග්-උන්ග‍ෙ සහෝදරයෙකු ලෙස සැලකෙන කිම් ජොන්ග්-නම් ඝාතනය කර තිබේ.

මැලේසියාවේ, ක්වාලාලාම්පූර් නගරයේදී විෂ ශරීරගත කරවීමකින් ඔහුව මෙසේ ඝාතනය කර තිබේ.

මැලේසියානු පොලීසිය පවසන්නේ, ඔහු මකාවු වෙත පිටත්ව යෑම සඳහා ගුවන් තොටුපොළේ සිටියදී හදිසියේ රෝගාතුරව රෝහල් ගත කර ඇති අතර, පසුව ජීවිතක්ෂයට පත්ව ඇත.

දකුණු කොරියානු මාධ්‍ය පවසන්නේ මොහු විෂ ශරීරගත කරවීමකින් ඝාතනය කර  ජීවිතක්ෂයට පත්ව ඇති බවයි. 

මොහුට විෂ ශරීරගත කරවීම කාන්තාවන් දෙදෙනෙකු විසින් සිදුකර ඇති බවත්, ඔවුන් උතුරු කොරියානු කාන්තාවන් බවත් දකුණු කොරියානු මාධ්‍ය පවසයි.

කෙසේ වෙතත්, මෙම තැනැත්තා ගුවන් තොටුපොළේ සිටියදී ඔහු වෙත කිසියම් දියරයක් ස්ප්‍රේ කර ඇති බව මැලේසියානු බලධාරීන් මාධ්‍යයට පවසා තිබේ.

මිය යන විට කිම් ජොන්ග් 45වැනි වියේ පසුවිය.