Friday, April 19, 2024

General line - 0115112241

සයිටම් විරෝධීන්ගෙන් ආණ්ඩුවට කළු විරෝධයක්




මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් ආණ්ඩුව අනුගමනය කරන ක්‍රියා පිළිවෙතට එරෙහි විරෝධතා ව්‍යාපාරයක් අද ආරම්භ කරන බව පෞද්ගලික වෛද්‍ය විද්‍යාල විරෝධී මධ්‍යස්ථානය පවසනවා.

 එහි ජාතික සංවිධායක වෛද්‍ය අසංග වික්‍රමසිංහ පැවසුවේ දිවයිනේ සියලූ රෝහල් සහ වැඩබිම්වල කළු පටි බදිමින් මෙම විරෝධය ආරම්භ කරන බවයි. 

සයිටම් ආයතනය සම්බන්ධයෙන් පවතින ගැටළුකාරී තත්වය අවසන් වනතුරු ඊට සිසුන් බදවා ගැනීම මාස හයක කාලයක් සදහා අත්හිටුවීමට දැනට යෝජනා වී තිඛෙනවා. 

ඒ, විෂයභාර අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල, වෛද්‍ය සභාවේ නිලධාරීන් සහ වෘත්තීය සමිති ප්‍රධානීන් අතර පැවති සාකච්ඡාවකින් අනතුරුවයි. 

එමෙන්ම මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුන්ට රජයේ රෝහලක මාසික සායනික පුහුණුවක් ලබා දෙන්නැයි පෙර සිටම බලධාරීන්ගෙන් ඉල්ලීම් කළ බව එම විශ්ව විද්‍යාලයේ ජීව රසායන විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කථීකාචාර්ය මහාචාර්ය කීර්ති අත්තනායක පවසනවා

නෙත් එෆ් එම් රේඩියෝවේ ඊයේ රාත්‍රියේ විකාශය වූ අන්ලිමිටඩ් වැඩසටහනට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා

සම්පූර්ණ අන්ලිමිටඩ් වැඩසටහන පහතින් ශ්‍රවණය කරන්න