Friday, March 29, 2024

General line - 0115112241

සසිකලා භාර වෙයි (VIDEO)




අයථා ලෙස වත්කම් උපයා ගැනීම සම්බන්ධයෙන් වරදකාරියකව වසර 4ක සිරදඬුවමකට නියම වූ තමිල්නාඩුවේ ඒ.අයි.ඒ.ඞී.එම්.කේ. පක්ෂයේ මහලේකම් වී.කේ. සසිකලා අද (15) අධිකරණය වෙත භාර වුණා.

එලෙස අධිකරණයට භාරවීම සඳහා අතිරේක කාලයක් ලබාදෙන්නැයි ඇය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියත් ඒ සඳහා අවසර නොලැබුණු බවයි ඉන්දීය මාධ්‍ය පවසන්නේ.

අධිකරණයට භාරවී බන්ධනාගාරය වෙත යාමට පෙර වී.කේ. සසිකලා තමිල්නාඩු හිටපු මහඇමතිනී ජයලලිතා ජයරාම්ගේ සොහොන වෙත ගොස් උපහාර දක්වා ඇතැයි ද ඉන්දීය මාධ්‍ය කියා සිටියා. 

එහිදී ඇතැතම් ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ එම මේ වන විට සසිකලාගේ සාමාත්‍ය හැසිරීම් රටාව මුළුමනින්ම වෙනස් ස්වභාවයක් ගෙන ඇති බවයි. ඇය තුළ වේදනාවක් මෙන්ම වෛරයක් ඇති ආකාරයක් පෙනෙන්නට තිබූ බවත් සඳහන් කළා.