Thursday, April 25, 2024

General line - 0115112241

බදුල්ල මැදි මහා විදුහල 'නංවන්න' Back to Sports Meet




'Back to Sports Meet' ක්‍රීඩා උළෙල පසුගියදා බත්තරමුල්ල, පැලවත්ත බුද්ධදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා.

 

මෙය සංවිධානය කරන ලද්දේ බදුල්ල මැදි මහා විදුහලේ අගනුවර සංසදයයි. ක්‍රිකට්, නෙට්බෝල්, මලල ක්‍රීඩා තරග ඉසව් රැසකින් පැවැති මෙම ක්‍රීඩා උළෙලට එම විදුහලේ ආදී සිසුන් විශාල පිරිසක් සහභාගී වී සිටියා.

 

මහවැලි, කැළණි, වලවේ, නිල්වලා ලෙස කණ්ඩායම් හතරකින් එම තරගවලට ඉදිරිපත් වී තරගකරුවන් ක්‍රීඩා කළ අතර එහිදී ක්‍රිකට් තරඟය ජය ගැනීමට මහවැලි කණ්ඩායම සමත්වුණා. එහිදී අනුශූරතාව හිමි කර ගත්තේ ට කැළණි කණ්ඩායමයි. එම තරගයේ වීරයා ලෙස මහවැලි කණ්ඩායමේ ඩී.එම්.එස් මධුසංක සම්මාන ලැබුවා.

 

 

නෙට්බෝල් තරගයේ හොඳම ක්‍රීඩකාව ලෙස සම්මාන හිමි කර ගැනීමට කැළණි කණ්ඩායමේ තිලිණි ගමගේ සමත්වූණා. මීටර් 100 පිරිමි තරග ඉසව්වේ පළමු ස්ථානය නිල්වලා කණ්ඩායමේ අසංක අත්තනායක දිනාගත් අතර දෙවන ස්ථානය මහවැලි කණ්ඩායමේ එරන්ද සිරිවර්ධනටද, තෙවැනි ස්ථානය මහවැලි කණ්ඩායමේ ඩී.එම්.එස් මධුසංකටද හිමි වුණා.

 

මීටර් 100 කාන්තා තරග ඉසව්වේ පළමු ස්ථානය කැළණි කණ්ඩායමේ තිළිණි ගමගේ දිනාගත් අතර දෙවන ස්ථානය නිල්වලා කණ්ඩායමේ පවිත්‍රා ඉඳුනිල්ද, තෙවැනි ස්ථානය මහවැලි කණ්ඩායමේ දිනිති විජේරත්නද දිනාගනු ලැබුවා.

 

සමස්ථ ක්‍රීඩා තරගයේ ප්‍රතිඵල අනුව පළමු ස්ථානය දිනා ගැනීමට මහවැලි කණ්ඩායම සමත්වූ අතර දෙවන ස්ථානය නිල්වලා කණ්ඩායමත්, තෙවැනි ස්ථානය කැළණි කණ්ඩායමත්, සිව්වන ස්ථානය වලවේ කණ්ඩායමත් දිනා ගත්තා.

 

බදුල්ල මැදි මහා විදුහල නගා සිටුවීම උදෙසා බදුල්ල මැදි මහා විදුහල් අගනුවර සංසදය මගින් 2017 වසර සඳහා යෝජිත ව්‍යාපෘති වලට අරමුදල් රැස් කිරීම මෙම ක්‍රීඩා උළෙලේ  අරමුණයි.