Saturday, April 20, 2024

General line - 0115112241

තිසර පෙරේරාට දැඩි ප්‍රහාරයක්




පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඉස්ලාමාබාද් යුනයිටඩ් කණ්ඩායමට එරෙහිව ඊයේ පැවති තරගයේදී ක්වෙටා ගැලැඩියේටර්ස් කණ්ඩායම නියෝජනය කළ තිසර පෙරේරා දැඩි ප්‍රහාරයකට ලක්වුණා. 

එම තරගයේදී තිසර පෙරේරා යැවූ පන්දුවාර 3යි එක් පන්දුවක් තුළදී ප්‍රතිවාදී ක්‍රීඩකයින් ලකුණු 40ක් ලබාගැනීමට සමත් වුණා. 

මෙම තරගයෙන් කඩුලූ 5ක ජයක් හිමිකරගත්තේ ද ඉස්ලාමාබාද් යුනයිටඩ් කණ්ඩායමයි. 

පළමුවෙන් පන්දුවට පහරදුන් ක්වෙටා ගැලෙඩියේටර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලූ 6ක් දැවී ලකුණු 148ක් රැස්කළා. 

ඉස්ලාමාබාද් යුනයිටඩ් ක්‍රීඩකයින් සිය ඉනිමේ අවසන් පන්දුවාරයේ පළමු පන්දුවේදී කඩුලූ 5ක් පමණක් දැවී ජයග්‍රාහී සීමාව පසුකර යමින් තරගයේ ජය වාර්තා කළා.