Thursday, April 25, 2024

General line - 0115112241

තමිල්නාඩුව පලනිස්වාමිට




තමිල්නාඩුවේ නව මහ ඇමතිවරයා ලෙස ඊ. කේ. පලනිස්වාමි අද දිවුරුම් දුන්නා. ඒ. අයි. ඒ. ඞී. එම්. කේ. පක්ෂයේ නව නායකයා ලෙස ඉකුත් දා පත්කර ගැණුනේ ද පලනිස්වාමියි. ඔහු තමිල්නාඩු මහ ඇමති ධුරය අපේක්ෂාවෙන් සිටි වී. කේ. ශෂිකලාගේ සමීපතම දේශපාලනඥයෙකු ලෙසයි සැලකෙන්නේ.

ශෂිකලාට මහ ඇමති ධුරය අහිමි වුණේ වත්කම් උපයා ගැනීමේ ආකාරය හෙළි කිරීමට නොහැකිවීම සම්බන්ධයෙන් වරදකරු කරමින් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුවක් අනුවයි. කෙසේ වෙතත් ඇය සමග මහ ඇමති ධුරයට තරගයක් ඇතිකර ගත් හිටපු වැඩබලන මහ ඇමති    ඕ. පන්නීර් සෙල්වම්ට එම ධුරය අහිමි වීම විශේෂත්වයක්.