Saturday, April 20, 2024

General line - 0115112241

සීක්කුගේ හොංකොං 20/20ට ගිවිසුම් ගහයි




ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක‍්‍රීඩක සීක්කුගේ ප‍්‍රසන්න, හොංකොං පන්දුවාර විස්ස ක‍්‍රිකට් තරගාවලිය සඳහා ගිවිසුම් අත්සන් කර තිබෙනවා. මෙම තරගාවලියට එක්වන තුන්වන ශ‍්‍රී ලාංකික ක‍්‍රීඩකයා ද වන්නේ ඔහුයි.

මීට පෙර කුමාර් සංගක්කාර සහ තිලකරත්න ඩිල්ෂාන් මෙම තරගාවලිය සඳහා ගිවිසුම් අත්සන් කළා. කුමාර් සංගක්කාර ද ක‍්‍රීඩා කරන්නේ සීක්කුගේ ප‍්‍රසන්න නියෝජනය කරන ‘‘ග්ලැක්සි ග්ලැඩියේටර්ස්’’ කණ්ඩායමයි. තිලකරත්න ඩිල්ෂාන් ‘‘සිටි කයි ටැක්’’ කණ්ඩායම නියෝජනය කරනවා. කණ්ඩායම් පහකගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන හොංකොං පන්දුවාර විස්ස ක‍්‍රිකට් තරගාවලිය ලබන මාර්තු මස 08 වනදා ආරම්භ වීමට නියමිතයි.