Thursday, April 25, 2024

General line - 0115112241

සිංහ - කැංගරු සටන අද




සංචාරක ශ‍්‍රී ලංකා කණ්ඩායම සහ  ඕස්ටේ‍්‍රලියාව අතර තරග 03කින් සමන්විත පන්දුවාර විස්සයි විස්ස ක‍්‍රිකට් තරගාවලියේ පළමු තරගය මෙල්බර්න්හි දී අද (17) පැවැත්වෙනවා.

ශ‍්‍රී ලංකා වේලාවෙන් පස්වරු දෙකට පමණ තරගය ආරම්භ වීමට නියමිතයි. අද තරගයේ දී ශ‍්‍රී ලංකා කණ්ඩායමට උපුල් තරංග නායකත්වය ලබාදෙනවා. ඒ, මෙම වසර තුළ දී ශ‍්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායමේ නායකත්වයට පත් වූ තුන්වන ක‍්‍රීඩකයා ලෙසයි.

ශ‍්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි වේග පන්දු යවන්නා වන ලසිත් මාලිංග කලකට පසු ශ‍්‍රී ලංකා කණ්ඩායමට එක්ව සිටීම ද විශේෂත්වයක්.

මාලිංග ජාත්‍යන්තර ක‍්‍රිකට් තරගයකට ක‍්‍රීඩා කරන්නේ පසුගිය වසරේ පෙබරවාරී මාසයෙන් පසුවයි.  ඕස්ටේ‍්‍රලියානු අග‍්‍රාමාත්‍යවරයාගේ කණ්ඩායම සමග ඉකුත්දා පැවති පුහුණු තරගය ජය ගැනීම හේතුවෙන් අද තරගයට ජයග‍්‍රාහී මානසිකත්වයකින් යුතුව මුහුණ දෙන බව ශ‍්‍රී ලංකා කණ්ඩායමේ නායක උපුල් තරංග  ඕස්ටේ‍්‍රලියානු මාධ්‍ය හමුවේ ප‍්‍රකාශ කර තිබෙනවා.