Friday, April 26, 2024

General line - 0115112241

ශ‍්‍රී ලංකා - ඕස්ටේ‍්‍රලියා පළමු විස්සයි විස්ස තරගය ඇරඹෙයි




සංචාරක ශ‍්‍රී ලංකා කණ්ඩායම සහ ඔස්ටේ‍්‍රලියාව අතර පළමු පන්දුවාර විස්ස ක‍්‍රිකට් තරගය ආරම්භ වී තිබෙනවා.

තරගයේ කාසිය වාසිය දිනූ ශ‍්‍රී ලංකාව පළමුව පන්දු යැවීමට තීරණය කළා. අද තරගයේදී වේගපන්දු යවන ක‍්‍රීඩක විකුම් සංජය ශ‍්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර පන්දුවාර විස්සයි විස්ස ක‍්‍රිකට් වරම් දිනාගත්තා.

සුපිරි වේගපන්දු යවන ක‍්‍රීඩක ලසිත් මාලිංග ද අද තරගයට එක්වන ශ‍්‍රී ලංකා සංචිතයට ඇතුළත්. ඔහු පන්දුවාර විස්ස ක‍්‍රිකට් තරගයකදී ශ‍්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන්නේ ඉකුත් වසරේ පෙබරවාරි මාසයෙන් පසුව වීම ද විශේෂත්වයක්.

මීට අමතරව අද තරගයට නම් කළ ශ‍්‍රී ලංකා කණ්ඩායමට කුසල් මෙන්ඩිස් ද ඇතුළත්ව නැහැ. ඔස්ටේ‍්‍රලියානු කණ්ඩායමට ද නවක ක‍්‍රීඩකයින් තිදෙනෙකු ඇතුළත්.