Thursday, April 25, 2024

General line - 0115112241

කොළඹ නගරයට ඇතුළුවන රියදුරන්ට පොලිසියෙන් දැනුම් දීමක්




විශ්ව විද්‍යාල සිසුන්ගේ රථ වාහන පෙළපාලි  කිහිපයක් කොළඹ නගරයට ඇතුළු වන බැවින් අද (17) පස්වරුවේ කොළඹ අවට රථ වාහන තදබදයක් ඇති විය හැකි බව පොලිසිය පවසනවා. ගාලූ පාර, නුවර පාර, හයිලෙවල් පාර සහ මීගමුව මාර්ගයෙන් එලෙස රථ වාහන තදබදයක් ඇති විය හැකි බවයි පොලිස් මූලස්ථානය නිවේදනය කළේ.

ඒ හේතුවෙන් පස්වරු තුන පමණ වනතුරු එම මාර්ග වෙනුවට විකල්ප මාර්ග භාවිත කරන ලෙස ද පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියා. පස්වරු 03ට පෙළපාළිකරුවන් කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටට රැස්වීමට නියමිතයි. මේ හේතුවෙන්  ඕල්කට් මාවත, ලෝටස් පාර්, මරදාන සහ අලුත්කඩේ ප‍්‍රදේශ ආශ‍්‍රිත මාර්ගවල රථ වාහන තදබදයක් ඇති විය හැකි බව ද පොලිස් මූලස්ථානය නිවේදනය කළා.