Thursday, April 18, 2024

General line - 0115112241

ශ‍්‍රී ලංකන්, දකුණු අසියාවේ විශිෂ්ටතම ගුවන් සේවය ලෙස පිදුම් ලබයි




ශ‍්‍රී ලංකන් ගුවන් සමාගම දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සමාගම ලෙස සම්මාන දිනාගෙන තිබෙනවා. ඒ දසවන වරටත් පැවති වාර්ෂික ප‍්‍රමුඛ සංචාරක සම්මාන උළෙලේදීයි.

මෙම නම් කිරීම් සිදුකර ඇත්තේ චීනයේ ප‍්‍රමුඛ සංචාරක සඟරාවක් විසින් බවයි ශ‍්‍රී ලංකන් ගුවන් සමාගම නිවේදනය කළේ. ඉන්දියාවට අමතරව ශී‍්‍ර ලංකාවේ දෙවන විශාලතම සංචාරක වෙළෙඳපොළ වන්නේ චීනයයි.

2016 වසරේ සමස්ථයක් ලෙස ගත්කළ චීන සංචාරකයින් දෙලක්ෂ හැත්තෑ දෙදහසකට ආසන්න පිරිසක් ශ‍්‍රී ලංකාවට පැමිණ තිබෙනවා. එය ඉකුත් වසරට සාපේක්ෂව සියයට 26ක වර්ධනයක්.