Friday, April 26, 2024

General line - 0115112241

සයිටම් ගැන වෛද්‍ය සභාව අවසන් තීන්දුව ගනී




මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් අභියාචනාධිකරණය ලබාදුන් තීන්දුව පිළිනොගන්නා බව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව පවසනවා.

ඒ අනුව මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය පිළිබද තීරණයක් ගැනීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයට යන බවයි වෛද්‍ය සභාවේ සභාපති මහාචාර්ය කාලෝ ෆොන්සේකා පැවසුවේ. 

මෙම තීරණයට එළැඹ ඇත්තේ මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් අද පස්වරුවේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.