Thursday, April 25, 2024

General line - 0115112241

ජනපති නියමයෙන් ගොවි පවුලකට මසකට 10000ක්




වියළි කාලගුණය හේතුවෙන් ආපදාවට ලක්වූ සෑම ගොවි පවුලක් සඳහාම මසකට රුපියල් දස දහසක දීමනාවක් ලබාදීමට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. ලබන මාර්තු මස අග සිට යල කන්නය ආරම්භ වන තෙක් මෙම දීමනාව ලබාදෙන ලෙසටයි ජනාධිපතිවරයා උපදෙස් ලබා දී ඇත්තේ.

ප‍්‍රාදේශීය ලේකම්වරු,ග‍්‍රාම නිලධාරීන් සහ සමෘද්ධි නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් පිහිටුවා ඒ සඳහා තොරතුරු ලබාගැනීමෙන් අනතුරුව මෙම දීමනාව ලබාදෙන ලෙසට ද ජනාධිපතිවරයා දැනුම් දී තිබෙනවා. මෙම කරුණු අනාවරණ වූයේ නියං තත්ත්වය හේතුවෙන් කෘෂිකර්මාන්තයට සිදුවූ බලපෑම පිළිබඳ අදාළ අංශ ප‍්‍රධානීන් සමග පැවති සාකච්ඡාවකදීයි.  

නියඟයෙන් පීඩාවට පත්වූ ජනතාවට ඉදිරියේදී සහල් සහනාධාර ලබාදීමට නියමිත බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. එබැවින් නිසි සංඛ්‍යා ලේඛන පිළිබඳ සැලකිලිමත් වෙමින් විධිමත් අයුරින් අදාළ බෙදාහැරීම සිදුකිරීමට වගකීමෙන් යුතුව කටයුතු කරන ලෙස ද ජනාධිපතිවරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.