Friday, April 26, 2024

General line - 0115112241

ජනපති කිසිදු ජනපතිවරයෙක් නොකළ වැඩක් කරයි




වත්කම් ප‍්‍රකාශය ලබාදුන් මෙරට එකම ජනාධිපතිවරයා තමා බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ජනාධිපතිවරයා සඳහන් කළේ දේශපාලනඥයින් සහ රාජ්‍ය නිලධාරීන් තම කාර්යභාරය විවෘතව ඉටු කරන්නේ නම් කිසිදු ගැටලූවක් මතු නොවන බවයි. ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ අරලියගහ මන්දිරයේ අද (17) පැවති තොරතුරු දැනගැනීමේ පනත කි‍්‍රයාවට නැංවීමේ සමාරම්භක උත්සවය අමතමින්. 

මෙරට ජනතාව වත්මන් ආණඩුව බලයට පත්කර ගත්තේ වංචාවෙන් දූණයෙන් හා අක‍්‍රමිකතාවයෙන් සීමාව අභිබවා ගිය ආණ්ඩුවක් වෙනස් කිරීමට බවද ජනාධිපතිවරයා මෙහිදී ප‍්‍රකාශ කළා. 

www.rti.gov.lk යන තොරතුරු දැනගැනීමේ වෙබ් අඩවිය මෙහිදී ජනාධිපතිවරයා අතින් විවෘත කෙරුණා.