Thursday, April 18, 2024

General line - 0115112241

සිංහ කැනගරු සටනින් සිංහයින් ජය ගනී




ඔස්ටේ‍්‍රලියාව සමග පැවති පළමු පන්දුවාර විස්සයි විස්ස ක‍්‍රිකට් තරගයෙන් කඩුලූ 5ක විශිෂ්ට ජයක් හිමිකර ගැනීමට ශ‍්‍රී ලංකාව අද සමත් වුණා. මෙල්බර්න් ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේ පැවති තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඔස්ටේ‍්‍රලියාව නියමිත පන්දුවාර විස්සේදී කඩුලූ 6ක් දැවී ලකුණු 168ක් රැස්කළා.

පන්දු යැවීමේදී ලසිත් මාලිංග ලකුණු 29කට කඩුලූ 2ක් බිඳහෙලූවා. මංගල තරගයට ක‍්‍රීඩා කළ විකුම් සංජය ලකුණු 35කට එක් කඩුල්ලයි. 
පිළිතුරු ඉනිම ක‍්‍රීඩා කළ ශ‍්‍රී ලංකා පිල කඩුලූ 5ක් දැවී තිබියදී සිය ජයග‍්‍රාහී ඉලක්කය පසුකර ගියා. දක්ෂ පිතිහරඹයක නිරත වූ අසේල ගුණරත්න පන්දු 37කදී ලකුණු 52යි. ඩිල්ෂාන් මුණවීර වේගවත් ලකුණු 44ක් රැස්කළා. නිරෝෂන් දික්වැල්ල දැවී ගියේ ලකුණු 30ක් රැස්කරගෙන සිටියදීයි.

තරගයේ වීරයා සම්මානය අසේල ගුණරත්න දිනාගත්තා. 

දෙරට අතර පැවැත්වෙන දෙවන පන්දුවාර විස්ස ක‍්‍රිකට් තරගය අනිද්දා පැවැත්වීමට නියමිතයි.