Friday, April 26, 2024

General line - 0115112241

ධාතු නමස්කාරය ඇරඹේ (PHOTOS) UPDATE




නෙත් එෆ්. එම්. රේඩියෝව සංවිධාන කරන ධාතු නමස්කාර වැඩසටහන හොරණ දික්හේනපුර සීල සුව අරණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානයේ දී මීට නොබෝ වේලාවකට පෙර ආරම්භ වුණා. 

ධාතූන් වහන්සේ සැදැහැවතුන්ගේ වන්දනාව සදහා වැඩම කෙරුණේ පෙරවරු 7 ට පමණයි. 

නියමිත වතාවත්වලින් පසු මහජන වන්දනාවට අවස්ථාව ලබාදුන්නා. 











 

---------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

සර්වඥ ධාතූන් වහන්සේ සහ මහරහතන් වහන්සේගේ ධාතූන් වහන්සේ සියැසින් දැක වැඳපුදා ගැනීමට හොරණදී අද සිට අවස්ථාව

@18-02-2017 07:11

බුදුරජාණන් වහන්සේගේ සහ බක්කුල මහරහතන් වහන්සේ ප්‍රධාන මහරහතන් වහන්සේගේ ධාතූන් වහන්සේ සියැසින් දැක වන්දනා කිරීමේ තවත් අවස්ථාවක් සැදැහැවතුන්ට අද සිට උදා වනවා. 

ඒ, නෙත්. එෆ්. රේඩියෝව හොරණ දික්හේනපුර සීල සුව අරණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානයේ දී සංවිධාන කරන ධාතූ වන්දනාවේදීයි. 

18,19,20 යන දිනයන් පුරාවට මෙම පිංකම පැවැත්වීමට නියමිතයි.

ධාතූන් වහන්සේ සියැසින් දැක වැදපුදා ගැනීම සදහා දැනටමත් සැදැහැවතුන් බොහෝ පිරිස් හොරණ දික්හේනපුර සීල සුව අරණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානයට පැමිණ සිටිනවා.