Friday, April 19, 2024

General line - 0115112241

උතුරු පළාත් ප්‍රධාන ඇමති රෝහල්ගත කෙරේ




උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී වී විග්නේෂ්වරන් ශ්වසන රෝගයක් හේතුවෙන් යාපනය රෝහලට ඇතුළත් කර තිබෙනවා.

නේවාසිකව ඔහුට ප්‍රතිකාර ලබාදෙන බවයි රෝහල් ආරංචි කියා සිටියේ.

මීට පෙර ද අවස්ථා කිහිපයක දී ශ්වසන රෝග හේතුවෙන් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා රෝහල්ගත කෙරුණා.