Friday, March 29, 2024

General line - 0115112241

ජයග්‍රහණය ගැන උපුල් තරංග කතා කරයි




ඕස්ට්‍රේලියාව සමග මීළගට පැවැත්වෙන පන්දුවාර විස්සයි විස්ස තරග දෙකටද වඩා හොද මානසිකත්වයකින් මුහුණ දෙන බව උපුල් තරංග පවසනවා. මෙම තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය ලබාදුන්නේ ද ඔහුයි.
 
පළමු තරගය මෙල්බන් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ඊයේ පැවැත්වුණා. කඩුලූ පහකින් එම තරගය ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

උපුල් තරංග ඉහත අදහස් පළ කළේ ඉන් අනතුරුව මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමින්. දෙපිල අතර මීළග තරගය හෙට පැවැත්වෙනවා.