Saturday, April 20, 2024

General line - 0115112241

මේජර්වරයෙකු ඇතුළු යුද හමුදා සාමාජිකයින් තිදෙනෙකු අත්අඩංගුවට




මාධ්‍යවේදී කිත් නොයාර් පැහැර ගෙන ගොස් අයුතු ලෙස සිරකර තබා පහරදීම සම්බන්ධයෙන් සැකපිට යුද හමුදා සාමාජිකයින් තුන් දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද අත්අඩංගුවට ගැණුනා. 

මෙලෙස අත්අඩංගුවට ගත් යුද හමුදා සාමාජිකයින් අතර මේජර්වරයෙකු ද සිටින බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි පැවසුවේ. 

මූලික ප්‍රශ්න කිරීම්වලින් පසු ඔවුන් ගල්කිස්ස මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කෙරෙන බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා. 

අදාළ අපරාධය සිදු වී ඇත්තේ ඉකුත් 2008 වසරේ මාර්තු මාසයේදීයි.