Friday, April 19, 2024

General line - 0115112241

රතන හිමිගේ තීරණය ගැන හොයන්න ත්‍රිපුද්ගල කමිටුවක්




පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් දීර්ඝ ලෙස විමසා බැලීමට ජාතික හෙළ උරුමය ත්‍රිපුද්ගල කමිටුවක් පත්කර තිඛෙනවා.

 ඊයේ රැස් වූ ජාතික හෙළ උරුමයේ මධ්‍යම කාරක සභාවේ දී මෙම තීරණය ගත් බවයි එහි සම සභාපති පූජ්‍ය හැඩිගල්ලේ විමලසාර හිමියන් කියා සිටියේ. 

පත්කරන ලද ත්‍රිපුද්ගල කමිටුවට විමර්ශන අවසන් කිරීම සදහා ලබාදී ඇති කාලය පිළිබදවද නෙත් නිවුස් මෙහිදී විමසීමක් කළා. 

ඊට පිළිතුරු දෙමින් පූජ්‍ය හැඩිගල්ලේ විමලසාර හිමියන් පැවසුවේ එවැනි නිශ්චිත කාලයක් නොමැති බවයි.  

හදිසියක් නොමැති බවත් සියලූ ක්ෂේත්‍ර ආවරණය වන පරිදි අදාළ විමර්ශනය සිදු කරන බවත් උන්වහන්සේ කියා සිටියා.