Friday, March 29, 2024

General line - 0115112241

අද රාත්‍රියේ පැල්මඩුල්ල නගරයේ විශේෂ රථවාහන සැලැස්මක්




පැල්මඩුල්ල රජමහ විහාරස්ථානයේ වාර්ෂික මහ පෙරහැර අද ( 18) රාත්‍රියේ වීථී සංචාරය කෙරෙනවා. ඒ හේතුවෙන් අදාළ මාර්ගවල රථ වාහන තදබදයක් ඇති විය හැකි බවයි පොලිසිය පවසන්නේ.

පැල්මඩුල්ල රජමහා විහාරස්ථානයෙන් රාත්‍රී 8 ට ආරම්භ වන පෙරහැර පැල්මඩුල්ල - බලංගොඩ මාර්ගයේ කිලෝ මීටරයක් පමණ දුරක්ද පැල්මඩුල්ල - ඇඹිලිපිටිය මාර්ගයේ තවත් කිලෝ මීටරයක් පමණ දුරක් ද වීථී සංචාරය කිරීමට නියමිතයි.

හැකි පමණ විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.