Thursday, April 18, 2024

General line - 0115112241

ගම්වැදුණු වනඅලියෙකු නිර්වින්දනය කර උඩවලව වනෝද්‍යානයට මුදාහැරේ




තණමල්විල බෝදාගම ගම්මානයට කඩාවැදුණු වනඅලියෙකු එහි නිවාස කිහිපයකට හානි සිදුකර තිඛෙනවා.

නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ අද අලූයම් කාලයේ ගම්වැදී ඇති වනඅලියා සිදුකළ පහරදීම්වලින් නිවාස දෙකකට හානි සිදුවී ඇති බවයි.

අද දහවල් වනජීවී නිලධාරීන් සහ පශු වෛද්‍යවරයෙකු පැමිණ එම වනඅලියා නිර්වින්දනය කර ට්‍රක් රථයකින් උඩවලව වනෝද්‍යානයට රැගෙන ගිය බවද නෙත් නිවුස් වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළා.