Saturday, April 20, 2024

General line - 0115112241

පරිභෝජනයට නුසුදුසු සහල් කිලෝ නවදහසක් කැකිරාවෙන්




පාලන මිළ ඉක්මවා සහල් අලෙවි කරන වෙළෙඳුන් සොයා තවදුරටත් වැටලීම් සිදුකරන බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසනවා. 

එම අධිකාරිය සඳහන් කළේ පරිභෝජනයට නුසුදුසු සහල් අලෙවි කරමින් ලාභ ඉපයීමේ ජාවාරමක ද වෙළෙඳුන් නිරත වී සිටින බවයි.
 
මේ අතර වෙළෙඳපොළට මුදාහැරීමට සූදානම් කර තිබූ පරිභෝජනයට නුසුදුසු සහල් කිලෝග්‍රෑම් 9530ක තොගයක් කැකිරාව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ඒ, පාරිභෝගික සේවා අධිකාරියේ විශේෂ විමර්ශන ඒකකය සිදුකළ වැටලීමකදීයි. මෙම සහල් තොගයේ නිෂ්පාදිත දිනය හා කල්ඉකුත් වූ දිනය වෙනස් කර තිබූ බවයි එම අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළේ.