Friday, March 29, 2024

General line - 0115112241

පිටරටින් සහල් ගෙන්වීම නවතන්නැයි ගොවි සංගම් ඉල්ලයි. 




විදේශ රටවලින් සහල් ගෙන්වීම වහාම නවතා දමන්නැයි සමස්ත ලංකා ගොවිජන සම්මේලනය ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා.

එහි ජාතික සංවිධායක නාමල් කරුණාරත්න පැවසුවේ මෙරට මහාපරිමාණ මෝල් හිමියන් සඟවාගෙන සිටින සහල් තොග අත්අඩංගුවට ගැනීමට ආණ්ඩුව වහාම කටයුතු කළ යුතු බවයි. 

සමස්ත ලංකා ගොවිජන සම්මේලනය ඇතුළු සංවිධාන 6ක් ඒකාබද්ධව දඹුල්ලේදී අද පැවැත්වූ මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පළ කළා.

ආණ්ඩුවට නොහැකි නම් එම වැටලීම් කිරීමේ බලය තමන්ට ලබාදෙන්නැයි ද මෙහිදී ඉල්ලීමක් කෙරුණා. 

ආනයනික සහල් සහ දේශීය සහල් සඳහා මේ වන විට වෙන වෙනම පාලන මිල 2ක් ක්‍රියාත්මක කිරීම ප්‍රායෝගික නොවන බවද මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කෙරුණා.