Saturday, April 20, 2024

General line - 0115112241

ශ්‍රීලනිප නායකයින්ට මහ බැංකු ලොක්කුකෙගෙන් වැඩමුළුවක්




ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන්, පළාත් ප‍්‍රධාන අමාත්‍යවරුන් සහ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් ඇතුලූ නියෝජිතයින් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් අද (18) පැවැත්වුණා. මීගමුවේ පැවති මෙම වැඩමුළුවට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඇතුළු පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් රැසක් එක්ව සිටියා. 

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප‍්‍රකාශක රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා පැවසුවේ මෙරට ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡාවට ගැනුණු බවයි. මහබැංකු අධිපතිවරයා සහ මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරයෙකු විසින් විශේෂ දේශන දෙකක් ද මෙහිදී පවත්වා තිබෙනවා.