Thursday, April 25, 2024

General line - 0115112241

නොරොච්චෝලේ උණු වතුර සාගරයට හානියක්ද? නාරා ආයතනය සොයයි




නොරොච්චෝලේ ගල්අඟුරු බලාගාරය මගින් මුහුදට බැහැර කෙරෙන උණුසුම් ජලය හේතුවෙන් එම සාගර කලාපයට බලපෑමක් සිදුවන්නේ ද යන්න පිළිබඳ නාරා ආයතනය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. බලාගාරය මගින් බැහැර කෙරෙන උණුසුම් ජලය හේතුවෙන් එම සාගර කලාපයේ ජලජ ජීවීන්ට සහ අනෙකුත් සාගර සම්පත්වලට බලපෑමක් සිදුවන බවද පැමිණිලි ඉදිරිපත්ව තිබූ බවයි ධීවර අමාත්‍යංශය පැවසුවේ.

ඒ පිළිබඳ අවධානය යොමු කරමින් ධීවර අමාත්‍ය මහින්ද අමරවීර ලබාදුන් උපදෙස් අනුව නාරා ආයතනය මෙම පරීක්ෂණය ආරම්භ කර තිබෙනවා. නොරොච්චෝල ගල්අඟුරු බලාගාරය මගින් මුදාහැරෙන උණුසුම් ජලය සාගරයට මුදා නොහැර ඒවා සිසිල් කර මුදාහැරීමේ වැඩපිළිවෙළක් කි‍්‍රයාත්මක කිරීමට ද අවධානය යොමුව ඇති බව ධීවර අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළා.