Thursday, April 25, 2024

General line - 0115112241

ධාතු නමස්කාරයට මහ පිරිසක්




හොරණ දික්හේන්පුර සීල සුව අරණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානයේදී පැවැත්වෙන ධාතු නමස්කාරයට එක්ව ධාතූන් වහන්සේ වැඳපුදා ගැනීමට විශාල පිරිසක් මේ වන විටත් එම විහාරස්ථානය වෙත පැමිණ සිටිනවා. අද (18) උදෑසන සිටම මෙම පිංකමට එක්ව විශාල පිරිසක් ශ‍්‍රී සර්වඥ ධාතූන් වහන්සේ, මහරහත් ධාතූන් වහන්සේ වැඳපුදාගත්තා. 

මෙම ධාතු නමස්කාර පිංකම ලබන සඳුදා දක්වා අඛණ්ඩව කි‍්‍රයාත්මක වනවා. මෙම පුණ්‍යෝත්සවය පැවැත්වෙන්නේ නෙත් එෆ්.එම්. රේඩියෝවේ දායකත්වයෙන් යුතුවයි.