Thursday, April 18, 2024

General line - 0115112241

පලනිස්වාමි ජය ගනිද්දී සභාවේ ගැටුම්




සසිකලා නටරාජන් සිරගත වීමට පෙර ඒ.අයි.ඒ.ඞී.එම්.කේ. පක්ෂ නායකයා ලෙස පත්කරගත් ඊ. පලනිස්වාමිට විශ්වාසය පළ කිරීමේ යෝජනාවක් තමිල්නාඩු ප‍්‍රාන්ත සභාවේදී අද වැඩි ඡන්දයෙන් සම්මත වුණා. එහිදී ඔහුට පක්ෂව ඡන්ද 122ක් හිමිවූ අතර විපක්ෂව ඡන්දය භාවිත කර තිබුණේ 11 දෙනෙකු පමණයි.

මෙම යෝජනාව අද පෙරවරුවේ සභාවට ඉදිරිපත් වූ අවස්ථාවේදී එහි උණුසුම් තත්ත්වයක් ඇති වුණා. ඒ, හිටපු මහඇමති ඕ. පනීර්සෙල්වම් ඇතුළු කණ්ඩායමක් පලනිස්වාමිට එරෙහිව අදහස් පළ කිරීමත් සමගයි. රහසිගත ඡන්දයක් ලබාදෙන ලෙස ද ඔවුන් ප‍්‍රාන්ත සභාවේ කථානායකවරයාගෙන් ඉල්ලා සිටියා.

එම අවස්ථාවේදී ප‍්‍රචණ්ඩකාරී ලෙස හැසිරුනු මන්ත‍්‍රීවරුන් කථානායකවරයාගේ ඉදිරිපස මේසය බිම දමා මයික‍්‍රෆෝනය ද ඔවුන් සතු කරගත් බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා. එම අවස්ථාවේදී සභාවේ කටයුතු පස්වරුව දක්වා කල්තැබුණු අතර ඡන්ද විමසීම පැවැත්වුණේ නැවත සභාව රැස්වීමෙන් අනතුරුවයි.