Thursday, April 25, 2024

General line - 0115112241

හම්බන්තොට ජනතාවට බීමට මුහුදු ජලය...




නියඟයට මුහුණ දිමට මුහුදු ජලය පිරිසිදු කිරීමේ ව්‍යාපෘතියක් අම්බලන්තොට දකුණු බටඅත ප්‍රදේශයේ ආරම්භ කිරීමට පියවර ගෙන ඇති බව ධීවර රාජ්‍ය ඇමැති දිලිප් වෙදආරච්චි පැවසුවා.

කොරියන් ආධාර යටතේ ක්‍රියාත්මක කරන මෙම ව්‍යාපෘතිය සඳහා දකුණු බටඅත ප්‍රදේශයෙන් රජයේ ඉඩම් අක්කර තුනක් වෙන්කිරිමට කටයුතු කර ඇතැයිද ඔහු පැවසුවා. මුහුදු ජලය පානීය ජලය බවට පත් කිරීම ලෝකයේ බොහෝ රටවල සිදු කරන අතර නියඟය පැමිනෙන කාලයට පාණිය ජලය හා වෙනත් අවශ්‍යථා සඳහා මෙම ජලය යොදා ගැනිමට හැකිවනු ඇති බව අමාත්‍යවරයා පැවසුවා.