Saturday, April 20, 2024

General line - 0115112241

අර්ජුන් මහේන්ද්‍රන් අපිටත් කැළලක් - සිංගප්පූරුව කියයි




සිංගප්පූරු ජාතිකයෙකු වන ශ‍්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගේ කි‍්‍රයා පිළිවෙත සිය රටට කැළලක් බව සිංගප්පූරුවේ අභ්‍යන්තර කටයුතු අමාත්‍ය කේ. ෂන්මුගම් ප‍්‍රකාශ කර තිබෙනවා.

ඒ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග පැවති පෞද්ගලික හමුවකදීයි.

උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන්ගේ හැසිරීම සම්බන්ධයෙන් ද ගැටලුකාරී තත්ත්වයක් පවතින බවයි සිංගප්පූරු අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා මෙම හමුවේදී ප‍්‍රකාශ කර ඇත්තේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පෞද්ගලික සංචාරයක් සඳහා සිංගප්පූරුව බලා පිටත්ව ගියේ ඉකුත් 13 වැනිදායි. ඊයේ (18) රාත‍්‍රියේ ඔහු යළි දිවයිනට පැමිණියා.

සිංගප්පූරු අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයාගේ පෞද්ගලික ආරාධනයක් අනුව ඔහු ලබාදුන් විශේෂ දිවා භෝජන සංග‍්‍රහයකට මහින්ද රාජපක්ෂ මහතා සහභාගි වුණේ ඉකුත් 17 වැනිදායි. එහිදී සිංගප්පූරු අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා මෙම අදහස් පළකර තිබෙනවා. ඔහු මීට පෙර සිංගප්පූරුවේ විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස ද කටයුතු කළා.