Saturday, April 20, 2024

General line - 0115112241

ඔස්ට්‍රේලියා - ශ්‍රී ලංකා දෙවන තරගය ඇරඹෙයි (UPDATE)




සත්කාරක ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර පන්දුවාර විස්සයි විස්ස දෙවන ක්‍රිකට් තරගය මේවන විට ආරම්භ වී තිබෙනවා.

තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක උපුල් තරංග ප්‍රථමයෙන් පන්දු යැවීමට තීරණය කළා. 

------------------------------------------------------------

අද තරඟය දෙපිළටම තීරණාත්මකයි

(19-02-2017 07:14)

 

සංචාරක ශ‍්‍රී ලංකා කණ්ඩායම සහ ඔස්ටේ‍්‍රලියාව අතර දෙවන විස්සයි විස්ස ක‍්‍රිකට් තරගය අද (19) පැවැත්වෙනවා.

ශ‍්‍රී ලංකා වේලාවෙන් පස්වරු 2.00 ට පමණ තරගය ආරම්භ වීමට නියමිතයි. මෙම තරගාවලියේ පළමු තරගය ජයගත් ශ‍්‍රී ලංකා කණ්ඩායම අද තරගයට ක‍්‍රීඩා කරන්නේ ඉහළ මානසිකත්වයකින් යුතුවයි.

අද තරගය ජයගැනීමට හැකි වුවහොත් තරගාවලියේ ජයග‍්‍රහණය ද අත්කර ගැනීමට ශ‍්‍රී ලංකාවට හැකි වනවා.

එමෙන්ම ඔස්ටේ‍්‍රලියාවේදී දෙරට අතර මෙතෙක් පැවති විස්සයි විස්ස තරගාවලි දෙකම ජයගෙන ඇත්තේ ද ශ‍්‍රී ලංකාව වීම විශේෂත්වයක්. 

මේ අතර පළමු තරගයට ක‍්‍රීඩා කළ ජයග‍්‍රාහී ශ‍්‍රී ලංකා කණ්ඩායම කිසිඳු වෙනසකින් තොරව අද තරගයට ක‍්‍රීඩා කරනු ඇති බවයි ක‍්‍රිකට් ආරංචි මාර්ග අනාවරණ කළේ. පළමු තරගය ජයගැනීමට හැකි වීම හේතුවෙන් ඉහළ මානසිකත්වයකින් යුතුව අද තරගයට ක‍්‍රීඩා කරන බව ශ‍්‍රී ලංකා කණ්ඩායමේ නායක උපුල් තරංග මාධ්‍ය හමුවේ ප‍්‍රකාශ කළා.