Saturday, April 20, 2024

General line - 0115112241

චෝදනා ඔප්පු වුණොත් මහින්දගේ ප්‍රජා අයිතිය අහෝසියි - සිවිල් සංවිධාන කියයි




හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට එල්ල වී ඇති දූෂණ චෝදනා විධිමත් පරීක්ෂණයකින් ඔප්පු වුවහොත් ඔහුගේ ප‍්‍රජා අයිතිය අහෝසි කළ යුතු බව සිවිල් සංවිධාන එකමුතුව පවසනවා.

එහි කැඳවුම්කරු සමන් රත්නප‍්‍රිය සඳහන් කළේ කිසියම් පුද්ගලයෙකු වරදක් කර ඇත්නම් තරාතිරම නොබලා ඔහුට දඬුවම් කළ යුතු බවයි. 

හිටපු ජනාධිපතිවරයාගේ ප‍්‍රජා අයිතිය අහෝසි කළ යුතු බවට සිවිල් සංවිධාන ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇති බව ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡාවක දී ඔවුන් මෙම ඉල්ලීම ඉදිරිපත් කර ඇති බවයි එම වාර්තාවල දැක්වුණේ. ඒ සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ විමසීමකට පිළිතුරු ලබා දෙමින් සිවිල් සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු සමන් රත්නප‍්‍රිය මේ බව සඳහන් කළා. 

අදාළ කරුණ සම්බන්ධයෙන් නෙත් නිවුස් සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ සභාපති මහාචාර්ය සරත් විජේසූරියගෙන් ද විමසීමක් කළා. ඔහු සඳහන් කළේ ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡාවේ දී තමන් එවැනි ඉල්ලීමක් ඉදිරිපත් නොකළ බවයි. කිසියම් පුද්ගලයෙකුට පදනම් විරහිත චෝදනා එල්ල වුව ද ඒවා විධිමත් කමිටුවක් හරහා විමර්ශනය කළ යුතු බවයි ඔහු අවධාරණය කළේ.