Thursday, April 25, 2024

General line - 0115112241

මහා ධාතු නමස්කාරයට අති විශාල සැදැහැවතුන් පිරිසක් පැමිණෙයි




හොරණ දික්හේනපුර සීල සුව අරණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානයේ පැවැත්වෙන මහා ධාතු නමස්කාරයට අති විශාල සැදැහැවතුන් පිරිසක් මේ වනවිට පැමිණෙමින් සිටිනවා.

පූජ්‍ය කැටවල හේමාලෝක හිමියන් විසින් මෙහෙයවන මෙත්නෙත් පාමුල සජීවි ධර්ම දේශනාව සහ ධර්ම සාකච්ඡාව අද (19) සිදු කෙරුනේ සීල සුව අරණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානයේදීයි.

අද පස්වරු 6.00 ට පහන්කන්ද ආශිර්වාද පූජාව ද සජීවි ලෙස විකාශය කෙරෙන්නේ මෙම මධ්‍යස්ථානයේ සිටයි.

එමෙන්ම පූජ්‍ය ගලිගමුවේ ඥාණදීප හිමියන් විසින් මෙහෙයවන සිත් නෙත් අසපුව ධර්ම දේශනය සහ ධර්ම සාකච්ඡාව අද රාත‍්‍රියේ හොරණ දික්හේනපුර සීල සුව අරණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානයේ සිට සජීවීව විකාශය කෙරෙනවා. 

මේ අතර ධාතූන් වහන්සේ වන්දනාමාන කිරීමට පැමිණි නෙත් ශ‍්‍රාවකයින් කිහිප දෙනෙකු නෙත් නිවුස් වෙත අදහස් දැක්වූවා. 

එහිදී ඔවුන් සඳහන් කළේ මෙවැනි අවස්ථාවක් උදාවීම සිය ජීවිතයේ ලද භාග්‍යක් ලෙස සළකණ බවයි.

(ඔවුන් දැක්වූ තවත් අදහස් පහතින් දැක්වෙයි)