Thursday, April 25, 2024

General line - 0115112241

ඉන්දු - ලංකා වෙළඳාම ශක්තිමත් කෙරෙන සාකච්ඡාවක් අද




දිවයිනට පැමිණ සිටින ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය එස්. ජයශංකර් සහ සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික‍්‍රම අතර හමුවක් අද (19) පැවැත්වෙනවා.

ශ‍්‍රී ලංකාව සහ ඉන්දියාව අතර වෙළඳ සහයෝගීතාව තවදුරටත් වර්ධනය කර ගැනීම පිළිබඳ මෙහිදී අවධානය යොමුවනු ඇති.

තෙදින නිල සංචාරයක් සඳහා ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරයා ඊයේ (18) දිවයිනට පැමිණියා.

හෙට (20) ඔහු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන සහ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ යන මහත්වරුන් හමුවීමට නියමිතයි.