Friday, March 29, 2024

General line - 0115112241

ට්‍රම්ප් යළිත් මාධ්‍යට ඇඟිල්ල දිගු කරයි




අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යළිත් වතාවක් එරට මාධ්‍යට දෝෂාරෝපනය කර තිබෙනවා.

එහිදී අමෙරිකානු ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ මාධ්‍ය බොහෝවිට සත්‍ය තොරතුරු සඟවා වාර්තාකරණය සිදු කරන බවයි.

අමෙරිකාව සහ රුසියාව අතර ඇති ගිවිසුම් සම්බන්ධයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් මෙම චෝදනාව සිදු කර තිබෙනවා.

ඉකුත් බ්‍රහස්පතින්දා ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් මාධ්‍යට මෙම චෝදනාව සිදු කර තිබූ අතර යළිත් වතාවක් අද පැවැති ජන හමුවකදී ද මෙම චෝදනාව එල්ල කළා. ඒ අනුව සතියක් තුළ දෙවතාවක්ම අමෙරිකානු ජනාධිපතිවරයා විසින් එරට මාධ්‍යට මෙම චෝදනාව එල්ල කර තිබෙනවා.