Friday, April 19, 2024

General line - 0115112241

කටුකුරුන්ද කඳුළින් තෙමන 'බෝට්ටුවේ' වැඩිපුර සිටියේ කාන්තාවන් සහ ළමුන් ද ?




අද (19) උදෑසන බේරුවල සිට කලුතර දක්වා ආගමික උත්සවයක් සඳහා ගමන් කරමින් තිබියදී කටුකුරුන්ද මුහුදු සීමාවේදී අනතුරට ලක්වූ බෝට්ටුවේ සොයා ගත නොහැකි පිරිස අතර කාන්තාවන් සහ ළමුන් රැසක් සිටින බවට බේරා ගැනීම් සඳහා සහභාගීව සිටින කණ්ඩායම් සැක පළ කරනවා.


ඔවුන් පවසන්නේ ප්‍රදේශවාසීන් තමන්ගේ බෝට්ටු රැගෙන ගලවාගැනීමේ කටයුතු සඳහා එක්ව සිටි බවයි.

 

මෙම අනතුරට හසුවුවන් බේරා ගැනීමේ යෙදුණු තරුණයෙකු ඒ සම්බන්ධයෙන් පළ කළ අදහස් පහතින් ඇසිය හැකියි.