Thursday, April 25, 2024

General line - 0115112241

ධාතු නමස්කාරයේ අවසන් දිනය අදයි




හොරණ දික්හේනපුර සීල සුව අරණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානයේ දී සිදු කෙරෙන මහා ධාතු නමස්කාරය අදින් (20) අවසන් වනවා.

ධාතු නමස්කාරයට සමගාමීව ඊයේ දිනයේ සුවිශේෂි පිංකම් රැසක් සීල සුව අරණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානයේ දී පැවැත්වුණා.

පූජ්‍ය ගලිගමුවේ ඥාණදීප හිමියන් විසින් මෙහෙයවනු ලබන සිත්නෙත් අසපුව ධර්ම දේශනය සහ ධර්ම සාකච්ඡාව සජීවි ලෙස ඊයේ විකාශය කෙරුණේ සීල සුව අරණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානයේ සිටයි. 

මෙම පුණ්‍යෝත්සවය පැවැත්වෙන්නේ නෙත් එෆ්.එම්. රේඩියෝවේ දායකත්වයෙන් යුතුවයි.