Friday, March 29, 2024

General line - 0115112241

ජනපති ප්‍රධානත්වයෙන් අද සයිටම් ගැන සාකච්ඡාවක්




මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය පිළිබඳ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (20) පස්වරුවේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙනවා. 

ඒ, මාලඹේ වෛද්‍ය විද්‍යාලයීය දෙමව්පිය සංසදය සහ තවත් පාර්ශව කිහිපයකගේ සහභාගීත්වයෙන්. වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් පවතින ගැටළුවට දේශපාලන විසදුමක් අවශ්‍ය බවයි මාලඹේ වෛද්‍ය විද්‍යාලයීය දෙමව්පිය සංසදයේ සභාපති ගැමුණු විජේරත්න සඳහන් කළේ. 

මේ අතර සයිටම් වෛද්‍ය විද්‍යාලය හේතුවෙන් රෝගී ජීවිතවලට සිදුවන අනතුර පිළිබඳ පළාත් මට්ටමින් ජනතාව දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ආරම්භ කර තිඛෙනවා. මේ සම්බන්ධයෙන් කරුණු දැක් වූයේ එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද විසිනි.