Thursday, April 25, 2024

General line - 0115112241

නීති විරෝධි මත්පැන් ජාවාරම්කරුවෙකු ඝාතනය කරයි




වෙන්නප්පුව බන්ඩිරිප්පුව ප්‍රදේශයේ නීති විරෝධි මත්පැන් ජාවාරම්කරුවෙකු කපා කොටා ඝාතනය කර තිබෙනවා. 

පොලිසිය පැවසුවේ ඊයේ රාත්‍රී 10.15ට පමණ පොලිස් හදිසි ඇමතුම් අංශයට ලැබුණු තොරතුරකට අනුව ඔහුගේ මළ  සිරුර සොයාගත් බවයි.

බන්ඩිරිප්පුව ගාලවත්ත ප්‍රදේශයේ දී මෙම පුද්ගලයා කිසියම් පිරිසක් සමඟ බහින්බස්වීමක් සිදුකර ගෙන තිබෙනවා.

එහි ප්‍රතිඵලයක් ලෙස මෙම ඝාතනය සිදු කර ඇති බවටයි සැක කෙරෙන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ක්‍රියාත්මකයි.