Friday, April 26, 2024

General line - 0115112241

දික්වැල්ලට  තහනමක්  - හෙට තරගයටත් නෑ 




ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ  නිරෝෂන් දික්වැල්ලට අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය  තරග තහනමක් පනවා තිබෙනවා.

 

ඒ අනුව හෙට තරගය සහ මීළඟ එක්දින තරගය ඔහුට තහනම් කර ඇති බවයි වාර්තා වන්නේ.

 

 
ඕස්ට්‍රේලියානු කණ්ඩායම  සමග ඉකුත්දා පැවති දෙවන පන්දුවාර විස්ස තරගයේදී සිය දැවීයාම පිළිබඳ ඔහු හැසිරුණු ආකාරය මීට හේතුවී ඇති බවයි වාර්තා වන්නේ. 

 

දකුණු අප්‍රිකාව  සමග ඉකුත්දා පැවති සිවුවැනි එක්දින තරගයේදීද කගිසෝ රබාඩා සමග පිටියේ ඇති කර ගැටුමක්ද මීට හේතු වී තිඛෙනවා. 

 

මෙම සිදුවීම හේතුවෙන් අන්තර් ජාතික  කවුන්සිලය විසින් රබාඩා සහ දික්වැල්ලට තරග මුදලින් සියයට 50ක දඩ මුදලක් ද ඉකුත්දා නියම කළා. 

 

අන්තර් ජාතික කවුන්සිලයේ චර්යාධර්ම පද්ධතියේ 7 යි 6 වගන්තියට අනුව දික්වැල්ල හා රබාඩා මාස 24ක කාලය තුළ දඬුවම් ලකුණු 4 ට හෝ ඊට වැඩි ලබාගත හොත් එය තහනම් කිරීමේ ලකුණු යටතට ඇතුළත් වනවා. 

 

 

................................................................................................................................

දික්වැල්ල ගැන අද තීරණයක් - තහනමකට ලක්වන ලකුණු

21-02-2017 06:43

 

ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු නිරෝෂන් දික්වැල්ලට අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් තරග තහනමක් පැනවීමේ අවදානමක් මතුව තිඛෙනවා. 

 

ඕස්ට්‍රේලියානු කණ්ඩායම  සමග ඉකුත්දා පැවති දෙවන පන්දුවාර විස්ස තරගයේදී සිය දැවීයාම පිළිබඳ ඔහු හැසිරුණු ආකාරය මීට හේතුවී ඇති බවයි වාර්තා වන්නේ. 

 

දකුණු අප්‍රිකාව  සමග ඉකුත්දා පැවති සිවුවැනි එක්දින තරගයේදීද කගිසෝ රබාඩා සමග පිටියේ ඇති කර ගැටුමක්ද මීට හේතු වී තිඛෙනවා. 

 

මෙම සිදුවීම හේතුවෙන් අන්තර් ජාතික  කවුන්සිලය විසින් රබාඩා සහ දික්වැල්ලට තරග මුදලින් සියයට 50ක දඩ මුදලක් ද ඉකුත්දා නියම කළා. 

 

අන්තර් ජාතික කවුන්සිලයේ චර්යාධර්ම පද්ධතියේ 7 යි 6 වගන්තියට අනුව දික්වැල්ල හා රබාඩා මාස 24ක කාලය තුළ දඬුවම් ලකුණු 4 ට හෝ ඊට වැඩි ලබාගත හොත් එය තහනම් කිරීමේ ලකුණු යටතට ඇතුළත් වනවා. 

 

ඒ  අනුව ඔවුන්ට එහිදී අන්තර්ජාතික තරග තහනමක්ද පැනවීමේ හැකියාවද පවතිනවා. 

 

කෙසේ වෙතත් නිරෝෂන් දික්වැල්ල එල්ල වී ඇති මෙම පැමිණිල්ල  අද (21)උදෑසන  විභාගයට ගැනීමට නියමිතයි. 

 

එහිදී ගන්නා තීන්දු මත නිරෝෂන් දික්වැල්ලට තරග තහනමක් පනවනවාද නැද්ද යන්න තීරණය කෙරෙනු ඇති.