Saturday, April 20, 2024

General line - 0115112241

දකුණු පළාතේ රෝහල්වල  වර්ජනයෙන් රෝගීන් රැසක් පීඩා




මාලබේ  පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව රජයේ වෛද්‍ය නිලධාරීන් දකුණු පළාතේ රෝහල්වල අද ආරම්භ කළ වර්ජනය හේතුවෙන් රෝගීන් රැසක් පීඩාවට පත් වුණා. 

 

අද අදෑසන 08ට ආරම්භ කෙරුණු මෙම වර්ජනය අවසන් කෙරුණේ දහවල් 12ටයි. 

 

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාතර මහ රෝහල් ශාඛාවේ ලේකම් වෛද්‍ය ලක්ෂ්මන් ජයතිලක පැවසුවේ රෝහල් බාහිර රෝගී ප්‍රතිකාරවලට  මෙහිදී දැඩි බලපැම් එල්ල වූ බවයි. 

 

ගාල්ල කරාපිටිය සහ මහමෝදර රෝහල්වල කටයුතු වලට මෙම වර්ජනයෙන් බාධා එල්ල වුණා. 

 

මාලබේ  පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව රජයේ වෛද්‍ය නිලධාරීන් සංවිධානය පාගමනක් කරාපිටිය නගරයෙන් ආරම්භ වීමට නියමිත බවයි නෙත් නිවුස් වාර්තාකරු රවින්ද්‍ර චන්ද්‍රලාල් පැවසුවේ.  

 

මෙම වර්ජනය හේතුවෙන් හම්බන්තොට මහ රෝහලේ දෛනික  කටුයතු වලට ද බාධා එල්ල වුණා.