Thursday, April 25, 2024

General line - 0115112241

රතන හිමි එජාපය දෙසට




පූජ්‍ය අතුරලියේ රතනහිමියන් විසින් තමන් පාර්ලිමේන්තුවේ ස්වාධීන වන බවට කළ පළමු ප්‍රකාශය ඉල්ලා අස්කරගන්නේ නම් යළි පක්ෂයට එකතු කර ගැනීමට සූදානම් බව ජාතික හෙළ උරුමයේ සම සභාපති, පූජ්‍ය හැඩිගල්ලේ විමලසාර හිමි පවසනවා.

විමලසාර හිමියන් මේ බව කියා සිටියේ අද (21) කොළඹ පැවති මාධ්‍ය හමුවකදීයි.

රතන ස්වාමීන් වහන්සේ එක්සත් ජාතික පක්ෂයේ නායක, අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට කර ඇති ප්‍රකාශ අනුව පැහැදිළි වන්නේ රතන හිමියන් එක්සත් ජාතික පක්ෂයේ සිත දිනා ගැනීමට කටයුතු කරමින් සිටින බව යනුවෙන්ද චෝදනා කෙරුණා. 

කෙසේ වෙතත් මේවන විට මධ්‍යම කාරක සභාව විසින් රතන හිමියන්ට එරෙහිව විනය ක්‍රියා මාර්ග ගත යුතු බවට තීරණය කර ඇති බවත්, විමර්ශන කටයුතු සඳහා කමිටුවක් පත්කර ඇති බවත් උන්වහන්සේ සඳහන් කළා.

එම මන්ත්‍රී ධූරය අයිති වන්නේ පක්ෂයට බවත්, ඒ අනුව රතන හිමියන්ට ස්වාධීනව ක්‍රියා කළ නොහැකි බවත්, එසේ ක්‍රියා කරන්නේ නම් මන්ත්‍රී ධූරය නැවත පක්ෂයට ලබාදී එසේ කළ යුතු බවත් , උන්වහන්සේ වැඩි දුරටත් සඳහන් කළා.

කෙසේ වෙතත් මේ දිනවල ජනාධිපතිවරයා සහභාගිවන රැස්වීම්වලදී රතන හිමියන් අනාරාධිතවම සහභාගිවී ජනාධිපතිවරයාගේ අනුකම්පාව දිනාගැනීමට උත්සාහ කරන බවත්, ජනාධිපතිවරයාගේ ශක්තිය ඇති බව පෙන්වන්නට කටයුතු කරන බවත් එහෙත් එය සාර්ථක නොවනු ඇති බවයි ප්‍රකාශ කෙරුණේ.