Tuesday, April 23, 2024

General line - 0115112241

නාමල් එකඟ වෙයි - නඩුව අවසන් වෙයි




පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ පවරා තිබූ නඩුවක් අද (21) අවසන් කෙරුණා.

මෙම නඩුව පවරා තිබුණේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නියෝග කඩ කිරීමෙන් අධිකරණයට අපහාස කළ බවට මන්ත‍්‍රීවරයාට චෝදනා කරමින්.

මින් ඉදිරියට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නියෝග පිළිපදිමින් විමර්ශනවලට සහාය දීමට මන්ත‍්‍රීවරයා එකඟතාව පළ කළා. නඩුව අවසන් කෙරුණේ ද ඒ අනුවයි.