Friday, April 19, 2024

General line - 0115112241

අමෙරිකානු වාර්තාවකින් ලංකාව පල්ලම් බසී




අමෙරිකාවේ හෙරිටේජ් පදනම විසින් වාර්ෂිකව ප‍්‍රකාශයට පත් කරන ආර්ථික නිදහස් දර්ශකයේ ශ‍්‍රී ලංකාව ස්ථාන 19 ක් පසුබැස තිබෙනවා.

2016 දී 93 වන ස්ථානයේ පසුවූ ශ‍්‍රී ලංකාවට මෙවර හිමි වී ඇත්තේ 112 වන ස්ථානයයි. 

නිර්ණායක කිහිපයක් යටතේ එක් එක් රටට ලකුණු සියයක උපරිමයකට යටත්ව ලකුණු ලබාදීමෙන් මෙම දර්ශකය සකස් කෙරෙනවා.

2016 දී ශ‍්‍රී ලංකාවට ලැබී තිබුණු ලකුණු සංඛ්‍යාව 59.9 ක්. එහෙත් මෙවර ශ‍්‍රී ලංකාවට ලැබී ඇත්තේ ලකුණු 57.4ක් පමණයි. 

මෙම දර්ශකයේදී රටවල් ආර්ථිකව නිදහස්, බොහෝ දුරට නිදහස්, සාමාන්‍ය ලෙස නිදහස්, බොහෝ දුරට නිදහස් නොමැති සහ ආර්ථිකව නිදහස් නොමැති ලෙස කාණ්ඩ කිහිපයකට වර්ග කිරීම ද සිදුවනවා.

2016දී මෙන්ම මෙවරත් ශ‍්‍රී ලංකාව ඇතුළත්ව සිටින්නේ ආර්ථිකව බොහෝ දුරට නිදහස් නොමැති කාණ්ඩයටයි. 

වැඩිම ලකුණු ලබාගනිමින් ලෝකයේ ආර්ථිකව නිදහස්ම රට ලෙස හොංකොං ශ්‍රේණිගත වී තිබෙනවා. දෙවන ස්ථානය ලැබී ඇත්තේ සිංගප්පූරුවටයි. නවසීලන්තය තුන්වන ස්ථානයේ පසුවනවා. ඉන්දියාවට හිමි වී ඇත්තේ 143 වන ස්ථානයයි. චීනය ශ‍්‍රී ලංකාවට වඩා එක් ස්ථානයක් ඉදිරියෙන් 111 වන ස්ථානයේ පසුවනවා. 

නීතියේ ආධිපත්‍ය, වෙළෙඳපොළේ රාජ්‍ය භාගය, නියාමන කි‍්‍රයාවලියේ ඵලදායීතාව සහ විවෘත වෙළෙඳපොළ මෙම දර්ශකය සඳහා සලකා බලා ඇති නිර්ණායකයි.