Thursday, March 28, 2024

General line - 0115112241

මහබැංකු අධිපති පැය තුනක් උත්තර දෙයි




ශ‍්‍රී ලංකා මහබැංකුවේ බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන ජනාධිපති කොමිසම මහබැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමිගෙන් අද (21) පැය 3 කට ආසන්න කාලයක් ප‍්‍රශ්න කර සාක්ෂි සටහන් කරගත්තා.

මෙම කොමිෂන් සභාව හමුවේ සාක්ෂි ලබාදුන් පළමු පුද්ගලයා ද ඔහුයි. 

මහබැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි ප්‍රකාශයක් ලබා දීම සඳහා ජනාධිපති කොමිසම වෙත පැමිණියේ අද උදෑසනයි.

මහ බැංකු බැඳුම්කර  වංචාව පිළිබඳ විමර්ශනය කිරිම සඳහා පත් කළ ජනාධිපති කොමිසම ඉකුත් 06 වැනිදා පළමු වරට රැස් වුණා.