Friday, April 19, 2024

General line - 0115112241

ශ්‍රීලනිපයේ අමාත්‍යවරුන් දෙදෙනෙකු ගැන එජාපයෙන් ජනපතිට පැමිණිල්ලක්




අමාත්‍යවරුන් දෙදෙනෙකු සහ පළාත් ප්‍රධාන අමාත්‍යවරයෙකු සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට පැමිණිලි කිරීමට එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම සූදානම් වනවා. 

එම අමාත්‍යවරුන් දෙදෙනා වන්නේ සුසිල් ප්‍රේම්ජයන්ත් සහ ඩිලාන් පෙරේරායි. 

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සම්බන්ධයෙන් සුසිල් ප්‍රේම්ජයන්ත් අමාත්‍යවරයා කරන ප්‍රකාශයත් එක්සත් ජාතික පක්ෂය සම්බන්ධයෙන් ඩිලාන් පෙරේරා අමාත්‍යවරයා කරන විවේචනත් මෙහිදී සැලකිල්ලට ගෙන තිඛෙනවා.

 එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ සැලකිල්ලට ලක්ව ඇති ප්‍රධාන අමාත්‍යවරයා වන්නේ ඉසුර දේවප්‍රියයි. 

ඔහු විසින් දිගින් දිගටම එක්සත් ජාතික පක්ෂය විවේචනය කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට පැමිණිලි කිරීමටයි තීරණය වී ඇත්තේ. 

එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ මීළඟ රැස්වීමට ජනාධිපතිවරයා සහභාගි වනු ඇතැයි ද එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විශ්වාසයෙන් පසුවනවා.