Saturday, April 20, 2024

General line - 0115112241

උද්ධමනය අහස උසට




බඩු මිල වැඩි වීමේ වේගය හෙවත් උද්ධමනය තව දුරටත් වැඩි වී තිබෙනවා.

 ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයකට අනුව ජනවාරි මාසයේ උද්ධමනය සියයට 6.5ක්. 

එය 2016 නොවැම්බර් මාසයට සාපේක්ෂව ඒකක 2.3ක පමණ වැඩිවීමක් වනවා. 

2016 නොවැම්බර් මාසයේ උද්ධමනය සටහන් වූයේ සියයට 4.2ක් ලෙසයි. 

ජනවාරි මාසයේදී විශේෂයෙන්ම ආහාර කාණ්ඩයේ වියදම්වල කැපී පෙනෙන වැඩිවීමක් සිදුව ඇතැයි ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.

 සහල්, පොල්, පොල්තෙල් යන ආහාරවල සිදුව ඇති මිල වැඩි වීම ඒ අතරින් ද විශේෂයි.