Thursday, March 28, 2024

General line - 0115112241

ඔස්ට්‍රේලියාවෙන් ශ්‍රී ලංකාවට ප්‍රබල ඉලක්කයක්




සංචාරක ශ‍්‍රී ලංකා කණ්ඩායම සහ ඔස්ටේ‍්‍රලියාව අතර තුන්වන සහ අවසන් පන්දුවාර විස්සයි විස්ස තරගය මේ වන විට ඇඩිලේඞ් ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.

තරගයේ ප‍්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඔස්ටේ‍්‍රලියානු කණ්ඩායම වෙනුවෙන් ආරම්භක පිතිකරුවන් වේගවත් පිතිහරඹයක නිරත වුණා.

ආරොන් ෆින්ච් පන්දු 32 කදී ලකුණු 53 යි. ඊට හයේ පහර 3ක් ඇතුළත්.

මයිකල් ක්ලින්ගර් පන්දු 43 කදී ලකුණු 62 ක් රැස්කළා. බෙන් ඩන්ක් වේගවත් ලකුණු 28 ක්ද ට‍්‍රැවස් හෙඞ් වේගවත් ලකුණු 30 ක් ද රැස්කිරීමට සමත් වුණා.

පන්දු යැවීමේදී ලසිත් මාලිංග සහ දසුන් ශානක කඩුලු දෙක බැගින් බිඳහෙලු අතර සීකුගේ ප‍්‍රසන්න එක් කඩුල්ලක් බිඳහෙලූවා.

තරගයේ ප‍්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඔස්ටේ‍්‍රලියාව නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 187ක්.