Friday, April 19, 2024

General line - 0115112241

ලොව වැඩිම ආයු අපේක්ෂා සහිත රටවල් හෙළි කරයි




ලොව වැඩිම ආයු අපේක්ෂාවක් සහිත කාන්තාවන් ජීවත් වන රට බවට දකුණු කොරියාව පත්ව තිබෙනවා.

ලන්ඩන් හි උසස් අධ්‍යාපන ආයතනයක් සහ ලෝක සෞඛ්‍ය සංවිධානය එක්ව සිදුකළ සමීක්ෂණයකදී මෙම කරුණු අනාවරණ වුණා.

ඒ අනුව 2030 වර්ෂය වන විට දකුණු කොරියාවේ කාන්තාවන්ගේ ආයු අපේක්ෂාවේ මධ්‍ය අගය අවුරුදු 90 ක්.

එම සමීක්ෂණයට අනුව දෙවන ස්ථානය ජපානයටත්, තුන්වන ස්ථානය ඔස්ටේ‍්‍රලියාවටත් හිමිව තිබෙනවා. රටවල් 35ක දත්ත උපයෝගී කරගනිමින් මෙම සමීක්ෂණය සිදුකර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.