Friday, April 19, 2024

General line - 0115112241

අලූත් ව්‍යවස්ථාව ඇතුලේත් විධායක ජනාධිපතිවරයෙක්?




යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි වේ යැයි අපේක්ෂා කළ නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් පවසනවා.

ඔහු මේ බව පැවසුවේ ඊයේ රාත්‍රියේ විකාශය වූ නෙත් එෆ්.එම්. අන්ලිමිටඩ් වැඩසටහනට එක්වෙමින්.

සයිටම් අර්බුදය පිළිබදව ද මෙහිදී මන්ත්‍රීවරයාගෙන් ප්‍රශ්න කෙරුණා. 

ඔහු කියා සිටියේ අතීත අත්දැකීම්වලින් පාඩම් ඉගෙන ගෙන සයිටම් අර්බුදය විසඳීමට ආණ්ඩුව මැදිහත් විය යුතු බවයි.

සම්පූර්ණ අන්ලිමිටඩ් වැඩසටහන පහතින් ශ්‍රවණය කරන්න.